යුක්‍රේනය පුරාවටම මිසයිල ප්‍රහාර එල්ල කරන රුසියානු හමුදාවෝ


රුසියානු හමුදා යුක්රේනයේ පුරාවට මිසයිල එල්ල කරයි

.

සිය ගනනක් යුක්‍රේන හමුදා සහ සිවිල් වැසියන් රැදී සිටි Sievierodonetsk ප්‍රදේශයේ දැනට ඉතිරිව පවතින ගිනිගත් නටබුන් සහ රසායනික කම්හල  සම්පූර්ණයෙන්ම සිය පාලනය යටතට ගැනීමෙන් පසුව රුසියානු හමුදා විසින් සෙනසුරාදා දින වනවිට නැගෙනහිර Luhansk කලාපයේ ඉතිරිව ඇති අවසන් යුක්‍රේන බලකොටුව ද අතපත් කරගැනීමේ උත්සාහයක යෙදී සිටියහ.

 

නැගෙනහිර සටන්වලට ​මූලය නොවන යුක්‍රේනයේ ඈතින් පිහිටි ප්‍රදේශ කීපයකට පවා රුසියානු හමුදා විසින් මේ වනවිට මිසයිල දුසිම් ගණනක් දියත් කර ඇති අතර සමහර මිසයිල ප්‍රථම වරට Belarus වල සිට යොදවා ඇති රුසියානු දිගු දුර Tu-22 බෝම්බ හෙලන යානාවලින් මුදා හැරීම සිදුකළ බව යුක්‍රේන ගුවන් හමුදාවේ අණ දෙන අංශය ප්‍රකාශ කළේය .

 

රුසියානු ජනාධිපති Vladimir Putin සහ බෙලාරුසියානු ජනාධිපති Alexander Lukashenko අතර පැවැති ද්විපාර්ශ්වික හමුවට පෙර මෙම බෝම්බ ප්‍රහාරය එල්ල වී ඇති අතර, රුසියාව බෙලරුසියාවට Iskander-M මිසයිල පද්ධතිය සැපයීමට සැලසුම් කර ඇති බව Putin මෙහිදී නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය .

 

"රුසියානු සහ මොස්කව් පිටුබලය ලබන බෙදුම්වාදී හමුදා විසින් මේ වනවිට Sievierodonetsk සහ ඒ අවට ගම්මාන පාලනය කරන බවත් Azot බලාගාරය "ප්‍රතිරෝධයේ මුරණ්ඩු මධ්‍යස්ථානයක්" බවට පත් කිරීමට යුක්රේන හමුදා දැරූ උත්සාහය සෑම අතකින්ම ව්‍යර්ථ වී ඇති බවත් " රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රකාශක Igor Konashenkov සෙනසුරාදා සන්ධ්‍යාවේ කියා සිටියේය.

117 Views

Comments