සතියේ සාමන්‍ය දිනවලට සාපේක්ෂව නිවාඩු දිනවලදී අවම වශයෙන් පැය දෙකකට පසුව නින්දට යාම සහ පසුදා උදෑසන බොහෝ වේලාවකට පසුව නැඟී සිටීම, සතියේ දිනවල ගත කළ ශරීර චක්‍රයේ පැවැත්මට බාධාවක් වන බවත් සිරුරේ සමස්ත යහපත් සෞඛ්‍යයට අහිතකර බවත් පසුගියදා ජපානය තුළ සිදුකරන ලද සාමාජ අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
"සාමාන්‍ය නින්දේ චක්‍රයක් පවත්වා ගෙන යාම සහ නිවාඩු දිනවල පැය දෙකකට වඩා වැඩි කාලයක් අවදි නොවී සිටීම සතියේ දිනවලදී මිනිසුන්ට නිදිබර ගතියක් දැනීම වළක්වන බව අපට පෙනී ගියේය" යනුවෙන් කණ්ඩායමේ ප්‍රධානියා වූ Kyoto ප්‍රාන්ත වෛද්‍ය විශ්ව විද්‍යාලයේ පාරිසරික කායික විද්‍යාව පිළිබඳ මහාචාර්ය Kazuhiro Yagita පැවසීය.
නව සොයා ගැනීම පිළිබඳ තොරතුරු ජර්මානු ශාස්ත්‍රීය සඟරාව වන ' Sleep ' පර්යේෂණ සඟරාවේ (https://doi.org/10.1111/JSR.13661) ජුනි 8 වන දින සංස්කරණයේ ඇතුළත් කර ඇති අතර Yagita පැවසුවේ නිවාඩු දිනවල ටිකක් ප්‍රමාද වී ඇහැරීමට කැමති පුද්ගලයින් කාල වෙනස පැය දෙකකට වඩා අඩු කාලයකට සීමා කළ යුතු බවයි.