වයස තහවුරු කිරීමේ මෙවලම් භාවිතය පිළිබඳ අත්හදා බැලීම් ආරම්භ කළ සමාජ මාධ්‍ය ජාලා


Instagram සමාජ මාධ්‍ය ජාලය නවතම මෙවලමක් එළිදක්වයි

.

භාවිතා කරන්නන්ගේ නිවැරැදි වයස සත්‍යාපනය කිරීම සඳහා Instagram විසින් මුහුණ පරිලෝකනය කරන කෘතිම බුද්ධි මෙවලමක්  හෝ හැඳුනුම්පතක් උඩුගත කිරීම වැනි නව ක්‍රමවේදයක් අත්හදා බැලීම ආරම්භ කර ඇති බව වාර්තා වේ .

 

පරිශීලකයාගේ වයස අවුරුදු 18 හෝ ඊට වැඩි බව තහවුරු කිරීම පමණක් වත්මන් පරීක්ෂණයට ඇතුළත් වන නමුත් ජනප්‍රිය ඡායාරූප සහ වීඩියෝ බෙදාගැනීමේ යෙදුමෙන් කුඩා දරුවන් ඈත් කිරීමට උත්සාහ කිරීම සඳහා අවශ්‍ය තාක්ෂණික මෙවලම් පිළිබඳව තවමත් ඔවුන් අධ්‍යයනයක් ආරම්භ කර නොමැත. 

 

මිනිසුන්ගේ වයස තහවුරු කිරීමට භාවිතා කරන මුහුණු පරිලෝකනය කිරිමේ AI භාවිත තාක්‍ෂණය මගින් කෙනෙකුගේ අනන්‍යතාවය - වයස පමණක් හඳුනාගත නොහැකි බව Facebook සහ Instagram හි හිමිකාරිත්වය දරන Meta සමාගම අවධාරණය කළේය. 

 

“අපි මිනිසුන්ට ඔවුන්ගේ වයස සත්‍යාපනය කිරීමට සහ වඩාත් හොඳින් ක්‍රියා කරන්නේ කුමක්දැයි බැලීමට විවිධ විකල්ප ලබා දෙමු” යනුවෙන් Meta හි දත්ත පාලන සහ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ අධ්‍යක්ෂ Erica Finkle පැවසුවාය.

214 Views

Comments