දුරස්ථ දූපත් ගම්මානයේ සුන්දර තරු පිරුණු අහස රජය විසින් අනාගත පරම්පරාව සඳහා සුරැකීමට ගනු ලබන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස 2020 දෙසැම්බර් මාසයේදී එක්සත් ජනපද මූලස්ථානය වන International Dark-Sky Association විසින් මධ්‍යම ටෝකියෝවේ සිට 180Km පමණ දකුණින් පිහිටි Kozushima දූපත, ජාත්‍යන්තර අඳුරු අහස් උද්‍යානයක් ලෙස නම් කර තිබේ.
සංගමයේ ජාත්‍යන්තර අඳුරු අහස උද්‍යාන "තරු සහිත අහස සඳහා ලෝක උරුම ස්ථාන" ලෙස හැඳින්වේ. යම් ප්‍රදේශයක් දැඩි එළිමහන් ආලෝකකරණය සහ රාත්‍රී අහස අඳුරු ප්රමිතීන් සපුරාලිම සිදු කරන්නේ නම් මෙලෙස ලෝක උරුම ලෙස නම් කෙරේ. තරු පිරි රාත්රිවල සුන්දරත්වයට අමතරව ආලෝක දූෂණය පිළිබඳවද මෙහිදී සංවිධානය සලකා බලනු ලබයි.
"දිවයිනේ තරු පිරුණු අහස ස්වභාවික ග්‍රහලෝකාගාරයක් වැනිය. අපි මෙය අපේ මුණුබුරන්ට ලබා දීමට කැමතියි" යනුවෙන් ජපානයට මෙම තනතුර දිනා ගැනීමට උදව් කළ 34 හැවිරිදි ස්වභාවික මාර්ගෝපදේශක Wataru Furuya පැවැසීය.