Tokyo නගරයට අතිශයින් උණුසුම් දිනයක් උදා වෙයි


Tokyo නුවර උශ්නත්වය අදික ලෙස ඉහළ යයි

.

1975 වසරේ ජූනි මාසයට පසු ප්‍රථම වරට මේ වසරේ ජුනි 26 වන දින ටෝකියෝ නගරයේ සමහර ප්‍රදේශවල උෂ්ණත්වය අංශක 36 ට ආසන්න වූ බව ජපානයේ කාලගුණ විද්‍යා ඒජන්සිය අද දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය . 

 

Tokyo නගරයේ Nerima Ward හි උෂ්ණත්වය අද දින රසදිය අංශක 36.4ක් ලෙස සටහන්ව තිබූ අතර එය අඛණ්ඩව දෙවැනි දිනටත් අංශක 35ට වැඩි තාපය අත්විඳින අගනුවර ස්ථාන තුනෙන් එකකි.

 

අද දින සවස 3 වන විට පුද්ගලයින් 46 දෙනෙකු තාප ආඝාතයේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් සමඟ ඔවුන් සියලු දෙනා ගිලන් රථ මගින් රෝහල් වෙත ගෙන ගිය බවත් ඒ අතර සිටි 60 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 80 හැවිරිදි කාන්තාවක් බරපතල තත්ත්වයේ පසුවන බවත් Tokyo නගරයේ ගිනි නිවන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

146 Views

Comments