අධික තරබාරුව දුරු කර ගැනීමට දායක වන ජපන් ජනතාවගේ ආහාර වට්ටෝරුව


අධික තරබාරුව මැඩලීමට ජපානයෙන් ආහාර වට්ටෝරුවක් යෝජනා කෙරේ

.

උමාමි රසයෙන් අනූන ඉණ අඩු කිරීමේ හැකියාවෙන් යුතු සෙවල, සිනිඳු, අඳුරු සහ පෘථිවි වර්ණයන්ගෙන් සමන්විත වන මෙම අලුත්ම ජපාන ආහාර වට්ටෝරුව "Numa" ලෙස හදුන්වනු ලබන අතර ජනතාවට ශරීරයේ බර අඩු කර කිරීමට දායක වන තෘප්තිමත් ආහාරයක් ලෙස එය ලබා ගත හැකි වේ. 

 

කුකුළු මස් සහ එළවළු සහිත බත් කැඳ පිඟානක් වන මෙම නව ආහාර වට්ටෝරුව 35 හැවිරිදි තරඟකාරී කායවර්ධන ක්‍රීඩකයෙකු සහ සහතික ලත් සූපවේදියෙකු වන Yuki Azami විසින් නිර්මාණය කර ඇති අතර "මට අවශ්‍ය වන්නේ මිනිසුන් ආහාර ගැනීමේ ක්‍රියාව භුක්ති විඳීම සහ ඔවුන්ගේ බර සෙමෙන් අඩු කර ගැනීමට හැකි වීමයි. මක්නිසාද යත් එය සෞඛ්‍ය සම්පන්න ප්‍රවේශයයි" යනුවෙන් Azami පැවසීය.

 

Numa පිළියෙල කිරීම සඳහා සහල්, කුකුල් මස් , බණ්ඩක්කා, වියළි මුහුදු පැලෑටි සහ වියළි shiitake හතු අවශ්‍ය වන අතර ප්‍රෝටීන, මේදය සහ කාබෝහයිඩ්‍රේට අඩංගු වන මෙම ආහාර වේල විශාල වතුර බදුනක් සහිත රයිස් කුකර් එකකට අමුද්‍රව්‍ය සියල්ලම දමා ලුණු සහ කරපිංචා ටිකක් එකතු කර ආරම්භක බොත්තම දමා පිස ගත හැකිය.

225 Views

Comments