Aomori ප්‍රාන්තයේ දී රිය අනතුරක් සිදු කර  පලාගිය කාන්තාවක් අත්අඩංගුවට


Hirosaki පොලිසිය විසින්  Aomori ප්‍රාන්තයේ දී  මරණීය රිය අනතුරක් සිදු කර පළාගිය 36 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට

.

Hirosaki පොලිසිය විසින්  Aomori ප්‍රාන්තයේ දී  මරණීය රිය අනතුරක් සිදු කර පළාගිය 36 හැවිරිදි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ . එම අනතුරෙන්  76 හැවිරිදි කාන්තාවක් මරණයට පත්වී ඇත.

 

පොලිස් ආරංචි ආරංචිමාර්ග වලට අනුව Mieko Shiratori නම් වූ හෙදියක් වන මෙම කාන්තාව Setsuko Honma නම් 76 හැවිරිදි කාන්තාව  පසුගිය  ජනවාරි නව වැනිදා සවස 5.40ට පමණ දරුණු ලෙස අනතුරට ලක් කර පලා ගොස් ඇත. කෙසේ නමුත් අදාල හෙදි එම චෝදනාව ප්‍රතික්ෂේප කර තිබේ .

 

පොලිසිය තවදුරටත් පවසන පරිදි  දෙපස හිම නැසූ සෘජු  මාර්ගයකදී මෙම අනතුර සිදුවී ඇති අතර මාර්ගයට යාබදව තිබූ කැමරාවක සටහන් වූ දර්ශන ඇසුරෙන්  එම වාහනය අදාල හෙදියගේ බව සොයාගෙන ඇත.

 

Comments