බටහිර ජපානයේ Shiga ප්රාන්තයේ Maobara නගරයේ Jizo ගංගාවේ ජලය සම්පූර්ණයෙන්ම පාහේ දර්ශනීය ඉතා කුඩා සුදු පැහැ මල් වලින් වැසී ගොස් ඇති අතර එය නරඹන්නන් හට මන්ස්කාන්ත දර්ශනයක් ලබා දෙයි .
මෙහි දක්නට ලැබෙන "Baikamo" මල් යනු Buttercup පවුලට අයත් ජලයේ සෑදෙන වල්පැලෑටි විශේෂයක් වන අතර, ඒවායේ මල් පොකුරු වසර පුරා සෙල්සියස් අංශක 14 ක උෂ්ණත්වයක් ඇති පැහැදිලි දිය පහරවල් වල වර්ධනය වේ. ඒවායෙහි ජල මට්ටම අනුව, මල් පොකුරු දිය යට ගිලී පැද්දීම හෝ ජලය මතුපිටින් පැද්දීම සිදු වන අතර පැළෑටි වල මල් පිපීමේ උපරිමය අගෝස්තු මාසය දක්වා පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
"එය ගඟේ මල් පිට්ටනියක් වගේ ඉතා අලංකාරයි" යනුවෙන් තම පවුලේ අය සමඟ ගඟ අසබඩට පැමිණෙමින් සිටි 7 හැවිරිදි Haruka Moriguchi සිනාමුසු මුහුණින් පැවසුවාය.