මවක් සහ 3 හැවිරිදි දියණියගේ සිරුරු  ඔසාකා ප්‍රාන්තයේ මහල් නිවාසයකදී හමුවෙයි.


මවකගේ සහ දියණියකගේ මල සිරුරු මහල් නිවාසෙකින් හමුවේ

.

ඔසාක ප්‍රාන්තයේ Sakai හි මහල් නිවාසයක පිහි ඇනුම් තුවාල කිහිපයක් සමඟ අගෝස්තු 24 වන දින උදෑසන 29 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ 3 හැවිරිදි දියණියගේ සිරුරු සොයාගෙන ඇත.

 

ඝාතනයට ලක්ව ඇත්තේ සකායි හි හිගාෂි ප්‍රදේශයේ  මහල් නිවාසයේ ජීවත් වූ 29 හැවිරිදි මනාමි අරමාකි සහ ඇගේ 3 හැවිරිදි දියණිය රීරි ය. ඔවුන්ගේ සිරුරේ ඉහළ කොටසේ පිහි ඇනුම් තුවාල රැසක් තිබූ බව පොලිසිය පවසා ඇත.

 

බ්‍රසීල ජාතිකයෙකු වන Aramaki ගේ 33 හැවිරිදි සැමියා සම්බන්ධ කර ගැනීමට පොලීසියට නොහැකි වී ඇති අතර ඔසාකා ප්‍රාන්ත පොලිසිය මිනීමැරුම් විමර්ශනයක් ආරම්භ කර ඇත.

182 Views

Comments