ස්වභාවධර්මය ආරක්ෂා කිරීමේ ප්‍රතිලාභය පෙන්වන ලිස්බන් ගඟේ ඩොල්ෆින් මත්ස්‍යයෝ


Lisbon හි Tagus නදියේ dolphin මත්ස්‍ය ගහණය අධික වේ

.

පෘතුගාලයේ දිගම ගංගාව වන Lisbon හි ජල දූෂණය අවමවීමත් සමඟ අත්ලාන්තික් සාගරයේ සිට Lisbon හි Tagus නදියේ ආරම්භක ස්ථානයට පිහිනන ඩොල්ෆින් මත්ස්‍යයින්ගේ සංඛ්‍යාව මෑත කාලයේදී සැලකිය යුතු ලෙස වැඩි වී ඇති බව වාර්තා වේ .

 

"පසුගිය වසර 10 තුළ ජලයේ පිරිසිදු බව වැඩිදියුණු කිරීමත් සමඟ, අපි බොහෝ විට ඩොල්ෆින් මත්ස්‍යයින් දැකීමට පටන් ගත්තෙමු " යනුවෙන් ප්‍රාදේශීය නාවිකයෙකු සහ මාර්ගෝපදේශක වන Bernardo Queiroz පැවැසීය. 

 

"මීට පෙර අපිට වසරකට 10 වතාවක් වගේ තමයි ඩොල්ෆින් මත්ස්‍යයින් දැක ගන්නට ලැබුණේ. නමුත් දැන් ඔවුන්ව වසරකට දින 200 ක් පමණ දැක ගන්නට පුළුවන්. මෙනිසා ස්වභාවධර්ම සංරක්ෂණයේ වැදගත්කම සහ ප්‍රතිලාභ පිළිබඳව ජනතාවට අවබෝධ කරවීමේ අරමුණින් බෝතල් නාසය සහිත ඩොල්ෆින් මත්ස්‍යයින් මෙන්ම සාමාන්‍ය ඩොල්ෆින් මත්ස්‍යයින් දැක බලා ගැනීමට හැකි වන පරිදි චාරිකා සංවිධානය කිරීමට අපි බලාපොරොත්තු වෙනවා " යනුවෙන් ඔහු තවදුරටත් අදහස් දක්‌වමින් කියා සිටියේය.

163 Views

Comments