කියෝතෝ ප්රාන්තයේ ජෝයෝ හි පොලිසිය විසින් 34 හැවිරිදි කාන්තාවක් බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
Megumi Suzuki නම් අදාල කාන්තාව පසුගිය ඉරිදා අලුයම 1:40 ට පමණ ජෝයෝ හි මාර්ගයක බීමතින් රිය පදවා ඇති අතර මාර්ගය අයිනේ නවතා තැබූ මෝටර් රථයක ගැටී ඇත.
මෙම අනතුරින් අදාල මෝටර් රථයේ ඉදිරිපස මගී අසුනේ අසුන්ගෙන සිටි Uji City හි පදිංචි 65 හැවිරිදි Yuji Suzuki නම් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වූ අතර එහි සිටි 42 හැවිරිදි පිරිමි පුද්ගලයෙකු සහ 38 හැවිරිදි කාන්තාවක්ද බරපතල තුවාල ලබා රෝහල් ගතකරන ලදී.
කෙසේවෙතත් Suzuki විසින් බීමතින් රිය පැදවූ බව පිළිගෙන ඇති බව පොලිසිය පවසයි.