රෝහල්ගත කළ බිරිඳට මරණ තර්ජන එල්ල කළ සැමියෙකු තුන්වැනි වරටත් අත්අඩංගුවට


බිරිඳට මරණ තර්ජන එල්ල කළ සැමියා අත්අඩංගුවට ගනී

.

තම බිරිඳට මරණීය තර්ජනය එල්ල කළ බවට සැකපිට Tokyo ප්‍රාදේශීය බදු කාර්යාංශයේ බදු උපදේශකයෙකු ලෙස සේවයේ නියුතු Shizuki Muto නම් 59 හැවිරිදි  නිලධාරියෙකු ප්‍රාන්ත පොලිසිය විසින් සදුදා දින අත්අඩංගුවට ගෙන ඇති අතර තම බිරිඳ අපයෝජනය කිරීම සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් තුන්වන අවස්ථාව මෙය ලෙස සදහන් වේ. 

 

පසුගිය මැයි මාසයේ 12 වන දින ඇය රෝහල් ගත කර සිටියදී පිහියෙන් අනින බවට තර්ජනය කරමින් Muto විසින් ඇමතුම් ලබා දී ඇති අතර එම ඇමතුම් පටිගත කර මරණීය තර්ජන එල්ල කිරිමේ චෝදනාව යටතේ යළිත් වරක් ජුනි 27 වන සඳුදා දින ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.  

 

ඔහු විසින් පසුගිය ජනවාරි සිට අප්‍රේල් දක්වා වූ කාලය තුළ සිය බිරිඳට ශාරීරිකව පහර දී ඇති අතර එම අමානුෂික ප්‍රහාර හේතුවෙන් බිරිඳගේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් පුපුරා යාම ඇතුළුව බරපතළ තුවාල සිදුවී තිබේ. මෙනිසා එම කාලය තුළ ඔහුව අත්අඩංගුවට ගෙන දෙවරක් අධිචෝදනා ගොනු කිරීමට පොලිස්‌ නිලධාරීන් ක්‍රියා කර තිබේ. අත්අඩංගුවට ගත් දා සිට මේ වනතෙක් Muto විසින් කිසිදු පාපොච්චාරණයක් සිදු නොකළ බව පොලිසිය සඳහන් කළේය.

100 Views

Comments