Sony Music Entertainment සමාගම පසුගිය සදුදා නිවේදනය කළ පරිදි Bob Dylan සතුව තිබූ සියලු පටිගත කළ ගීත එම සමාගමට විකුණා ඇත. ඒ අනාගතයේදී බහු නිකුත් කිරීම් සිදු කිරීමට ඇති අයිතිය සමගම බවද ඔවුන් තවදුරටත් නිවේදනය කර තිබුණද මෙම ගනුදෙනුවේ වටිනාකම සමාගම් විසින් නිවේදනය කර නොතිබිණි .
මෙම අසහාය කලාකරුවා ම ඔහුගේ ගීත රචක අයිතිය 2020 වර්ෂයේ දී universal සමාගමට ඩොලර් මිලියන 300ක් ගනුදෙනුවක් යටතේ විකුණා තිබුණු නමුත් එහිදී ඔවුන් හට ගීත පටිගත කිරීම සම්බන්ධ අයිතිය පවරාදී නොතිබිණ. කෙසේ නමුත් ආරංචිමාර්ග වලට අනුව මෙම නවතම ගනුදෙනුව ඩොලර් මිලියන දෙසීයක් පමණ වටිනාකමකින් යුක්ත වූවක් වන්නට ඇතැයි අනුමාන කෙරේ .