රුසියාවේ යුක්රේන යුද්ධය සම්බන්ධයෙන් අඛණ්ඩ සමීප සම්බන්ධීකරණයක් පවත්වාගෙන යාමට මෙන්ම කලාප දෙකෙහිම ආරක්ෂාව වෙන් කිරීම සිදුකළ නොහැකි බැවින් ඒකාබද්ධ “නිදහස් සහ විවෘත” ඉන්දු-පැසිෆික් කලාපයක් සාක්ෂාත් කර ගැනීමට සඳුදා දින පැවැති ද්වීපාර්ශ්වික සාකච්ඡා වලදී ජපාන අගමැති Fumio Kishida සහ යුරෝපා සංගමයේ සභාපති Charles Michel එකඟ වී ඇති බව වාර්තා වේ.
නායකයන් දෙදෙනාම දකුණු ජර්මනියේ දී හමුවීමෙන් පසුව එළැඹෙන වසරේ බටහිර ජපානයේ Hiroshima නගරයේ පැවැත්වෙන G-7 සමුලුව සාර්ථක කර ගැනීම සඳහා Kishida සමඟ සමීපව කටයුතු කිරීමට තමාට අවශ්‍ය බව සාකච්ඡා අතරතුරදී Michel පවසා තිබේ.
මෙහිදී නායකයින් දෙදෙනාගේ අවධානය යොමුවූ විශේෂිත ක්ෂේත්‍ර අතරට සාම සාධක, මානුෂීය සහ පශ්චාත් ආපදා ආධාර, බලශක්ති සුරක්ෂිතතාව සහ නිදහස් වෙළඳාම අන්තර්ගත වේ.