තායිලන්තය හා ජපාන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට වසර 135ක් සපිරේ.


තායිලන්තය හා ජපානය අතර දීර්ඝකාලීන රාජතාන්ත්‍රික සබඳතා සමරයි

.

පසුගියදා දෙරට අතර අන්‍යෝන්‍ය මිත්‍රත්වය ප්‍රවර්ධනය කිරීමේ උත්සවයකට තායි සහ ජපන් සංගීතඥයන් 100කට අධික පිරිසක් සහභාගි වී ඇත. බැංකොක් සහ ටෝකියෝ අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවල 135 වැනි සංවත්සරය සැමරීම සඳහා මෙම උත්සවය පවත්වා ඇත. 

 

තෙදින උත්සවය සිකුරාදා අගනුවර ජනප්‍රිය සංචාරක සාප්පු සංකීර්ණයක ආරම්භ විය. එය ව්‍යාපාරික හා සංස්කෘතික හුවමාරු ඇතුළු දෙරට මේ වසරේ පවත්වනු ලබන බොහෝ සමරු උත්සවවලින් එකකි. 

 

කොරෝනා වයිරස් වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ දෙරටේම සංචාරක කර්මාන්තය නංවාලීමට මෙවැනි සිදුවීම් උපකාරී වනු ඇතැයි සංවිධායකයින් බලාපොරොත්තු වේ.

65 Views

Comments