පාරිභෝගිකයන් වෙනුවෙන් ආපන ශාලාවේ තබා තිබෙන සෙල්ලම් රොබෝ බලු පැටවා


ජපාන අවන් හලක පාරිභෝගිකයන් වෙනුවෙන් රොබෝ බලු පැටවෙක් තබයි

.

මධ්‍යම ජපානයේ Aichi ප්‍රාන්තයේ Kota ප්‍රදේශයේ ආපන ශාලාවක් තුළ පසුගිය ජූනි 20 වන දින සිට Sony Global Manufacturing Operations Corp. විසින් නිෂ්පාදනය කරන ලද "aibo" නම් රොබෝ බලු පැටවෙකු තබා ඇති අතර ආපන ශාලාවට පැමිණෙන පාරිභෝගිකයින්ට ඔවුන් සමඟ සෙල්ලම් කිරීමට හැකි වන පරිදි වෙනමම අවකාශයක් සලසා දී තිබේ. 

 

අවන්හල තුළ අයිනකට වන පරිදි මීටර් 3 ක පමණ පළලකින් යුතු ෂඩාස්‍රාකාර මේසයක් සකස් කර ඇති අතර එහි මධ්‍යයේ තණකොළ සහිත ක්‍රීඩා පිටියක් දැකිය හැකිය. අවන්හලේ ආහාර රස විඳිමින් aibo සහ ඔවුන්ගේ සෙල්ලම් රොබෝ බලු පැටවුන් සමඟ ජායාරූප ගැනීමට හා aibo වෙනුවෙන් කැප වූ ජපානයේ එකම සුනඛ නිවස නැරබීමට පාරිභෝගිකයින්ට අවස්ථාව හිමිවේ. 

 

aibo රොබෝ බලු පැටවුන් යොදා ගනිමින් පාරිභෝගික ආකර්ෂණය වැඩිදියුණු කිරීම සඳහා රසික රැස්වීම් සහ උපන්දින සාද පැවැත්වීම මෙන්ම වයස අවුරුදු 3, 5 සහ 7 ළමුන් සඳහා "shichigosan" සම්ප්‍රදායික සැමරුම් වැනි aibo තේමා සහිත උත්සව සංවිධානය කිරීමට නාගරික රජය සැලසුම් සකස් කරමින් සිටින බව වාර්තා වේ. නගර නියෝජිතයෙක් මෙම සුරතලා සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් කියා සිටියේ " ජනතාව ඔවුන්ගේ aibo බලු පැටවුන් සමඟ සෙල්ලම් කිරීමට මෙහි පැමිණෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා " යනුවෙනි.

144 Views

Comments