අනේවාසික විදේශිකයන්ගේ ඇතුළුවීමේ තහනම ඉවත් කරන ලෙස ව්‍යාපාරික ලොබිය ඉල්ලයි


omicron ප්‍රභේදය හේතුවෙන්  ජපානය තුල සීඝ්‍රයෙන් නැවත   ව්‍යාප්ත වන කෝවිල් වසංගතය පාලනය කිරීමේ

.

omicron ප්‍රභේදය හේතුවෙන්  ජපානය තුල සීඝ්‍රයෙන් නැවත   ව්‍යාප්ත වන කෝවිල් වසංගතය පාලනය කිරීමේ අරමුණෙන් පසුගියදා අනේවාසික විදේශිකයන් ජපානයට ඇතුළු එරට රජය විසින් තහනම් කර තිබුණි. කෙසේවෙතත් මෙම තහනම ලෝ පුරා දැඩි අර්බුද වලට හේතු වූ අතර පසුගියදා ජපානය විශාලතම ව්‍යාපාරික ලොබිය විසින් හැකිතාක් ඉක්මනින් එම තහනම ඉවත් කරගන්නා ලෙස රජයෙන් ඉල්ලීම් කර තිබිණි.

 

 

පසුගියදා පැවති පුවත්පත් සාකච්ඡාවක දී ජපානයේ ව්‍යාපාරික ෆෙඩරේෂණයේ ප්‍රධානී Masakazu Tokura පවසා සිටියේ මාස දෙකක් පුරා පැවති  මෙම  තහනම හේතුවෙන් ජපානයේ දේශීය ව්‍යාපාර වලට  දැඩි බලපෑම් එල්ල වී ඇති බවත් පිටරටවල සිටින තම ව්‍යාපාරික සගයන් හමුවීමට නොහැකි වීමත්  ව්‍යාපාරික සංචාරවල නියැලීමට නොහැකිවීමත් නිසා ඉදිරියේදී තව තවත් ව්‍යාපාරික කටයුතු වලට අහිතකර ලෙස මෙම තත්ත්වයේ බලපෑ හැකි බවයි 

Comments