පිරිමි ලෝක කුසලානයට එක්වීමට නියමිත ජපන් කාන්තා විනිසුරුවරිය


FIFA ලෝක කුසලානයට ජපානයෙන් කාන්තා විනිසුරුවරියක් සහභාගිවීමට සූදානම් වෙයි

.

එළැඹෙන නොවැම්බර් 21 වැනි දින Qatar හිදී ආරම්භ වීමට නියමිතව ඇති පිරිමි ලෝක කුසලාන තරගාවලියේ කාන්තා විනිසුරුවරියන් වශයෙන් FIFA විසින් තෝරා ගන්නා ලද ත්‍රිත්ව කාන්තා විනිසුරු මඩුල්ලේ එක් අයෙකු ලෙස ජපානයේ Yoshimi Yamashita හැඳින්විය හැකි වේ. 

 

"තීරකවරියක් ලෙස ක්‍රියා කරන විට විශාලතම ඉලක්කය වන්නේ පාපන්දු ක්‍රීඩාවේ ආකර්ශනීය බව ඉස්මතු කිරීමයි. මම ඒ සඳහා මගේ උපරිමය කරනවා.  මට ක්‍රීඩකයන් සමඟ සන්නිවේදනය කිරීමට අවශ්‍ය නම්, මම එය කරනවා. මට කාඩ්පතක් පෙන්වීමට අවශ්‍ය නම්, මම කාඩ්පතක් පෙන්වනවා. ක්‍රීඩාව පාලනය කරනවාට වඩා, මම කල්පනා කරන්නේ ක්‍රීඩාවට ආකර්ශනයක් ගෙන ඒමේ විශාල ඉලක්කයට කුමක් කළ යුතුද යන්නයි" යනුවෙන් සඳුදා දින Tokyo නගරයේ Associated Press සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් නව අභියෝගය සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් Yamashita පැවසුවාය.  

 

"කාන්තාවන්ට මේ ආකාරයෙන් ක්‍රීඩාවේ ක්‍රියාකාරී භූමිකාවක් ඉටු කළ හැකි නම් සහ විශේෂයෙන් පාපන්දු වලට නායකත්වය දිය හැකි නම් මම ඉතා සතුටු වෙමි. පාපන්දු ලෝකය තුළ ජපාන කාන්තාවන්ගේ සහභාගීත්වය තව බොහෝ දුර යා යුතුව ඇත. එබැවින් මේ හරහා පාපන්දු හෝ ක්‍රීඩාවේ පමණක් නොව විවිධ ආකාරවලින් කාන්තා සහභාගීත්වය ප්‍රවර්ධනය කිරීමට සම්බන්ධ කළ හැකි නම් එය ඉතා හොඳ වනු ඇත  ". 

 

"ඇත්ත වශයෙන්ම මම හිතන්නේ දැනෙන පීඩනය විශාලයි. මට විශාල වගකීමක් ඇති බව මම සිතමි. නමුත් මෙවැනි යුතුකමක් සහ පීඩනයක් භාර ගැනීමට හැකි වීම පිළිබඳව මම සැබැවින්ම සතුටු වෙමි. එබැවින් මම එය ධනාත්මකව පිළිගැනීමට ගැනීමට හා උපරිමයෙන් සතුටු වීමට උත්සාහ කරමි" යනුවෙන් ඇය වැඩිදුරටත් අදහස් දක්‌වමින් කියා සිටියාය.

183 Views

Comments