මුහුදේ දෙවන වරටත් නව ගෑස් විදුම් මධ්‍යස්ථානයක් ඉදිකළ චීනය 


මුහුදේ චීනය ගෑස් විහිදුම් මධ්‍යස්ථානයේ කටයුතු බාධාවකින් තොරව සිදු කරගෙන යයි

.

සති දෙකක් වැනි කෙටි කාලයක් තුළදී චීනය විසින් දෙවන වරටත් නැගෙනහිර චීන මුහුදේ තරඟකාරී ප්‍රදේශය තුළ ගොඩනංවන ලද නව ගෑස් නිධිය සඳහා වන කැණීම් මධ්‍යස්ථානයේ ඉදිකරම් කටයුතු මේ වනවිට අවසන් කර ඇති බව ජපාන විදේශ අමාත්‍යාංශය බදාදා නිවේදනයක් නිකුත් කරමින් තහවුරු කර තිබේ. 

 

මේ සම්බන්ධයෙන් ජපානය විසින් Tokyo අගනුවර පිහිටි චීන තානාපති කාර්යාලයට  විරෝධතාවක් ඉදිරිපත් කළ ද චිනය විසින් එයට යහපත් ප්‍රතිචාරයක් දක්වා නොතිබිණි. ජපාන විදේශ අමාත්‍යාංශයට අනුව, මෙය Tokiyo විසින් යෝජිත මධ්‍ය රේඛාවේ චීනයට අයත් සුවිශේෂී ආර්ථික කලාපය තුළ පිහිටා ඇත. 

 

මෙහිදී සමුද්‍රීය ස්වයං ආරක්ෂක බලකාය විසින් ව්‍යුහයක "අත්තිවාරම" විය හැකි බවට සැක කෙරෙන ද්‍රව්‍ය ප්‍රවාහනය කරන චීන නෞකා සොයාගැනීමට සමත් වී ඇති අතර මුහුදේ මධ්‍ය රේඛාවේ චීන කොටස තුළ Beijing විසින් සංවර්ධනය කරන ලද එවැනි ව්‍යුහයන් 18 ක් ජපානය විසින් මේ වනවිට සොයාගෙන ඇති බව සදහන් වේ.

109 Views

Comments