Shanghai නගරය වසා දැමීම හේතුවෙන් පහත වැටුණු Toyota සමාගමේ නිෂ්පාදිතය


Shanghai නගරේ වසා දැමීම ටොයෝටා නිෂ්පාදනයට තවත් බලපායි

.

උද්ගතව ඇති අර්බුදකාරී තත්ත්වය හමුවේ ගෝලීය වශයෙන් ඇතිවූ Chip අර්ධ සන්නායක අමුද්‍රව්‍ය හිඟය සහ  COVID-19 වසංගතය හමුවේ අඛණ්ඩ සැපයුමක් හිමිවූ Shanghai නගරය වසා දැමීම නිසා ඇති වූ අමතර කොටස් සැපයුම් හිඟය හේතුවෙන් පසුගිය මැයි මාසයේදී සමාගමේ දේශීය නිෂ්පාදිතය වාහන 144,204 දක්වා 28.5% කින් පහත වැටුණු බව Toyota Motor Corp. බදාදා නිවේදනය කළේය. 

 

Shanghai නගරයේ අගුලු දැමීම ජුනි 1 වැනි දින ඉවත් කළද, රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හමුවේ අමතර කොටස් මිලදී ගැනීම දුෂ්කර වූ බැවින් සහ චීනයේ සිට අඛණ්‌ඩව අමතර කොටස් ලබාගැනීමට නොහැකි වූ බැවින් Toyota සමාගමට ජපානයේ පිහිටි සමහර කර්මාන්තශාලා වල මෙහෙයුම් අත්හිටුවීමට සිදු වූ අතර සමාගමේ නිෂ්පාදනයට දිගින් දිගටම විශාල ලෙස බලපෑම් එල්ල වීම සිදුවිය. 

 

කෙසේ නමුත් Toyota සමාගමේ ප්‍රතිවාදීන් ලෙස සිටින Nissan Motor Co. සහ Honda Motor Co. ඔවුන්ගේ කර්මාන්තශාලාවල මෙහෙයුම් තවදුරටත් වේගවත් කිරීම නිසා වසරකට පෙර සිට මැයි මාසයට සාපේක්ෂව මේ වසරේදී දේශීය නිෂ්පාදනයේ සැලකිය යුතු ලෙස වර්ධනයක් අත් කරගෙන ඇති බව වාර්තා වේ.

205 Views

Comments