විශ්ව විද්‍යාල Kendo ශූරතාවලියේ කාන්තා, පිරිමි අංශ දෙකේම තරඟ ආරම්භ වේ


Kendo ශූරතාවය ආරම්භ වේ

.

56 වන සමස්ත ජපන් කාන්තා විශ්ව විද්‍යාල Kendo ශූරතාවලිය සහ 70 වන සමස්ත ජපන් විශ්ව විද්‍යාල Kendo ශූරතාවලිය Tokyo නගරයේ Nippon Budokan හිදී පිළිවෙලින් ජූලි 2 සහ 3 යන දිනවල ආරම්භ කිරීමට නියමිතව ඇති අතර සමස්ත තරගාවලිය "Mainichi Shimbun Digital" වෙබ් අඩවිය (https:// mainichi.jp/kendolive/senshuken/k2022) හරහා සජීවීව, නොමිලේ විකාශය කෙරේ.

 

Kendo යනු ජපානයේ වඩාත් ජනප්‍රිය සටන් කලාවක් වන අතර එහි නියැළෙන ක්‍රීඩකයන් විසින් ආරක්ෂිත සන්නාහයක් පැළඳිනු උණ බම්බු භාවිතයෙන් සටන් කිරීම සිදුකරනු ලබයි . අර්ධ ශතවර්ෂයකට වඩා වැඩි ඉතිහාසයක් ඇති ද්විත්ව ශූරතාවලි දෙක මගින් විශිෂ්ට "Kenshi" නොහොත් කඩු සටන්කරුවන් රැසක් මේ වනවිට රටට බිහි කර තිබේ. 

 

මෙවර තරඟාවලි සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 266 දෙනෙකු සුදුසුකම් ලබා ඇති අතර ඔවුන් සියලු දෙනාම Hokkaido, Tohoku, Hokushinetsu, Kanto, Tokai, Kansai, Chu-Shikoku සහ Kyushu යන තරඟ කණ්ඩායම් වලින් නැගී සිටි දක්ෂ මලල ක්‍රීඩකයන් බව වාර්තා වේ.

93 Views

Comments