සමාජය තුළින් යළි හිස ඔසවන COVID-19 වසංගතය


ජපානය පුරා නැවත කොවිඩ් වසංගතය ව්‍යාප්ත වන ලකුණු මතුවේ

.

අඛණ්ඩව සති දෙකක් පුරාවට නව Corona වෛරස ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඉහළ යාම මධ්‍යයේ ටෝකියෝ අගනගර රජය විසින් බ්‍රහස්පතින්දා දින සිය COVID-19 අනතුරු ඇඟවීම එහි පරිමාණයේ ඉහළම මට්ටම දක්වා ගෙන විත් ඇති බව වාර්තා වේ. 

 

මහනගර රජයේ නිරීක්ෂණ රැස්වීමකට සහභාගී වූ විශේෂඥයින්  වර්තමානයේ පවතින තත්ත්වය පිළිබඳව සලකා බලා මෙම තීරණය ගෙන ඇති අතර රටේ තරුණ ජනගහනයට එන්නත් ලබා ගැනීම ප්‍රවර්ධනය කිරීමේ වැදගත්කම අවධාරණය කරමින් වෛරසය සමාජය තුළ නැවත පැතිර යන බවට මෙහිදී ඔවුන් විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. 

 

ගෝලීය සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යාව සඳහා වන ජාතික මධ්‍යස්ථානයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානයේ ප්‍රධානී Norio Omagari කියා සිටියේ ජූලි මැද වන විට අගනුවර දෛනික Corona ආසාදිතයින් සංඛ්‍යාව යළිත් වරක් 5,000 දක්වා ඉහළ යා හැකි බවයි.

 

"ජනවාරි සිට මාර්තු දක්වා වූ හයවන රැල්ල තුළ  COVID-19 රෝගීන් වැඩිවීම සමාජ ක්‍රියාකාරකම් කෙරෙහි විශාල බලපෑමක් ඇති කළා. එවැන්නක් නැවත සිදු නොවීමට අපි වග බලා ගත යුතුයි" යනුවෙන් තවදුරටත් අදහස් දක්‌වමින් Omagari මෙට්‍රොපොලිටන් දෙපාර්තමේන්තු රැස්වීමේදී පැවසීය.

100 Views

Comments