භූගත සාප්පු සවාරි ප්‍රදේශයේදී නාදුනන පිහි ප්‍රහාරයකට ගොදුරු වූ  පුද්ගලයා


සාප්පු සවාරිය අතරතුර දී පුද්ගලයෙකු පිහි ඇනුම ක ට ලක් වේ

.

Kobe දුම්රිය ස්ථානය අසල පිහිටි භූගත සාප්පු සවාරි ස්ථානයකදී බ්‍රහස්පතින්දා දහවල් 12.30 ට පමණ සමාගමේ සේවකයකු ලෙස හඳුනාගත් 50 හැවිරිදි පුද්ගලයෙකුට පිහියෙන් ඇන, ඔහුව ඝාතනය කිරීමට තැත් කළ බවට සැකපිට ස්ථිර ලිපිනයක් නොමැති 65 හැවිරිදි Hisashi Tao නම් පුද්ගලයෙකු Kobe ප්‍රාන්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 

 

සැකකරු විසින් වින්දිතයාගේ දකුණු උරහිසට පෙට්ටි කැපීමට යොදාගන්නා පිහියකින් ඇන පලා ගොස් ඇති නමුත් එදිනම සවස 6 ට පමණ Tao අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වී තිබේ .

 

පිහි ඇනුමෙන් තුවාල ලැබූ  වින්දිතයා රෝහල් ගත කළ බවත් ඔහුගේ තුවාල මගින් ජිවිතයට හානියක් නොවන බැවින් සුව වීමට සතියක පමණ කාලයක් ගත විය හැකි බවට වෛද්‍යවරු ප්‍රකාශ බවත් පොලීසිය සඳහන් කළේය.

123 Views

Comments