ආබාධයෙන් පසු යළිත් වරක් ක්‍රීඩා ක්ෂේත්‍රයට අවතීර්ණ වීමට සැරසෙන ජපාන ක්‍රීඩකයා


Yuzuru Hanyu නැවතත් ක්‍රීඩාවට පිවිසීමට සූදානම් වෙයි

.

මීට පෙර අවස්ථා දෙකකදීම ඔලිම්පික් ක්‍රීඩා තරගාවලියේ පිරිමි Figure Skating අංශයේ ශූරයා බවට පත්වූ ජපාන ක්‍රීඩක Yuzuru Hanyu විසින් සිකුරාදා දින එරට Skating සම්මේලනයේ වෙබ් අඩවියේ පළ කරන ලද අදහස් දැක්වීමකදී ආබාධයට ලක් විමෙන් පසුව යළිත් වරක් තමන් ක්‍රීඩා ක්ෂේත්‍රයට පැමිණිමට අදහස් කරගෙන සිටින බවට ඉඟි පළ කර ඇති බව වාර්තා වේ. 

 

මෙම වසරේ පැවැති Beijing ඔලිම්පික් උළෙලේදී දකුණු වළලුකරයේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් තම උද්වේගකර ශෛලියෙන් ඉවත් වී හතරැස් අක්ෂාකාර ශෛලියකින් තම හැකියාව ඉදිරිපත් කිරීමට Hanyu උත්සාහ දරූ නමුත් තුන්වන අඛණ්ඩ ශූරතාවක් සඳහා වූ ඔහුගේ ලංසුව බිඳවැටී තරගාවලියේ සිව්වන ස්ථානයට පත්වීමට ඔහුට සිදුවිය .

 

එතැන් සිට Hanyu සිය අනාගත සැලසුම් සම්බන්ධයෙන් නිහඬ පිළිවෙතක් අනුගමනය කළ නමුත් "මෙම වාරය ද, මට මගේ උපරිමය කිරීමට සහ ඊටත් වඩා ඉහළ ඉලක්කයක් කරා ගමන් කිරීමට උත්සහයක් දැරීමට අවශ්‍යයි" යනුවෙන් ඔහු එහිදී සඳහන් කර තිබේ .

94 Views

Comments