Hiroshima සාම අනුස්මරණ උත්සවයට සහභාගී වන එක්සත් ජාතීන්ගේ ප්‍රධානීයා


Hiroshima සාම අනුස්මරණ උත්සවයට Antonio Guteress සහභාගිවීමට සූදානම් වෙයි

.

දෙවන ලෝක සංග්‍රාමයේදී එක්සත් ජනපද බෝම්බ හෙලන යානයක් විසින් 1945 අගෝස්තු 6 වන දින උදෑසන 8.15 ට Hiroshima නගරයට හෙළන ලද "Little Boy" නම් යුරේනියම් හරය සහිත පරමාණු බෝම්බයෙන් මරණයට පත්වූ 140,000 ක් පමණ දෙනා අනුස්මරණ කෙරෙමින් එළැඹෙන අගෝස්තු මාසයේදී පැවැත්වෙන වාර්ෂික සාම අනුස්මරණ උත්සවයට එක්සත් ජාතීන්ගේ සංගමයේ  මහලේකම් Antonio Guterres සහභාගී වීමට නියමිතව ඇති බව නගර බලධාරීන් බ්‍රහස්පතින්දා නිවේදනය කළහ.

 

යුක්‍රේනයට එරෙහි යුද්ධයේදී න්‍යෂ්ටික අවි භාවිතා කරන බවට රුසියාව විසින් පසුගියදා එල්ල කරන ලද තර්ජන මධ්‍යයේ Guterres මෙලෙස Hiroshima නගරයට පැමිණීමට සැලසුම් කර ඇති අතර පරමාණු ආයුධ තුරන් කිරීම වෙනුවෙන් වූ එක්සත් ජාතීන්ගේ ප්‍රයත්නයන් සඳහා ගෝලීය සහයෝගය රැස් කිරීම ඔහුගේ සංචාරයේ අරමුණ ලෙස දක්වා තිබිණි.

 

වසර 12 කට පසු ප්‍රථම වරට මේ වසරේදී Hiroshima සාම අනුස්මරණ උත්සවයට  එක්සත් ජාතීන්ගේ සංගමයේ  සාමාජිකයෙකු මෙලෙසින් සහභාගී වන නමුත් මීට පෙර 2010 වසරේදී එක්සත් ජාතීන්ගේ ප්‍රධානියෙකු වූ Ban Ki Moon ලොව පලමු එක්සත් ජාතීන්ගේ සංගමයේ සාමාජිකයා ලෙසින් Hiroshima අනුස්මරණ උත්සවයට සහභාගී වී තිබේ.

Comments