Aichi ප්‍රාන්තයේ Toyota ක්‍රීඩාංගණයේ ජුලි 2 වන සෙනසුරාදා දින පැවැති පළමු ටෙස්ට් රග්බි තරගයේදී ප්‍රංශය හමුවේ ලකුණු 42-23 ක් ලෙස දරුණු පරාජයක් අත්කර ගැනීමට ජපාන රග්බි කණ්ඩායමට සිදුවිය.
කණ්ඩායමේ Center ලෙස ක්‍රීඩා කළ Yoram Moefana එක් උත්සාහක දිනුමක් ලබා ගැනීමට සමත් වූ අතර තවත් උත්සාහක දිනුමක් තම කණ්ඩායම වෙනුවෙන් සකස් කර දුන්නේය.
"එය අවංකවම කලකිරීමක්. අපි ගොඩක් වැරදි කළා. නමුත් තරගය තුළදී අපි බලාපොරොත්තු වූ රග්බි ක්‍රීඩාව කිරීමටත් අපි සමත් වුණා. එනිසා මට ඉදිරි සතියේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීමේ අරමුණින් හොඳින් සූදානම් වීමට අවශ්‍යයි." යනුවෙන් ජපාන රග්බි කණ්ඩායමේ නායකයා වූ Atsushi Sakate ප්‍රකාශ කළේය .