සමුද්‍ර-පෘථිවි විද්‍යා හා තාක්ෂණය සඳහා වන ජපාන ඒජන්සිය (JAMSTEC) විසින් 2021 වර්ෂයේදී නව අස්ථික මත්ස්‍ය විශේෂයක් ලෙස වාර්තා වූ yokozuna slickhead ප්‍රභේදයේ මසුන් හය දෙනෙකු මධ්‍යම ජපානයේ Shizuoka ප්‍රාන්තයේ Suruga බොක්කේ දකුණු සාගර පත්ලේ අවට පිහිටි ගැඹුරු මුහුදු ප්‍රදේශයේදී කැමරා කාචයට හසු කරගැනීමට සමත්වී ඇති අතර ඔවුන් අතර සිටි විශාලතම මත්ස්‍යයා දිගින් මීටර් 1.38 පමණ වූ බව සඳහන් වේ.
සාමාන්‍යයෙන් ගැඹුරු මුහුදේ කිලෝමීටර් 2 ක් පමණ ගැඹුරින් වාසය කරන මෙම අස්ථි සහිත මත්ස්‍යයන් දිගින් මීටර් 2.5 පමණ වන අතර මෝරුන් සහ Rays වැනි කාටිලේජ මත්ස්‍යයන් හැර ගැඹුරු මුහුදේ වාසය කරන මත්ස්‍යයින් අතර ලොව විශාලතම අස්ථි සහිත මත්ස්‍ය විශේෂය ලෙස හැඳින්වේ.
පර්යේෂක කණ්ඩායම විසින් ජපානයට දකුණින් පිහිටි සමුද්‍ර රක්ෂිතයේ පාරිසරික ප්‍රදේශය තුළ සිදුකළ සමීක්ෂණයක කොටසක් ලෙස ගැඹුරු මුහුදේ ජලය තුළ අඩංගුව ඇති මාළු කොරපොතු සහ අපද්‍රව්‍ය අංශු භාවිතයෙන් මත්ස්‍යයින්ගේ DNA නිස්සාරණය කර ජාන විකේතනය කිරීමට මෙන්ම බොක්කේ දකුණු දෙසින් වූ මුහුදේ කිලෝමීටර් 400 සිට 600 පරාසයක් ආවරණය වන පරිදි වෙනත් ස්ථාන තුනකින් එකතු කරන ලද සාම්පල භාවිතයෙන් yokozuna slickhead ගේ ජෙනෝම අනුපිළිවෙල සොයා ගැනීමට පර්යේෂකයින් කණ්ඩායම සමත් වී තිබේ.