උද්ධමනය හමුවේ ඉහළ යමින් පවතින ආනයනික පිලිපීන කෙසෙල් මිල


පිලිපීනයෙන් ආනයනය කරන කෙසෙල් මිල ඉහළ යයි

.

පලතුරු අපනයනය කිරීම සඳහා ජනප්‍රිය රටක් වන පිලිපීනය විසින් සිය කර්මාන්තය පවත්වා ගැනීම වෙනුවෙන් එහි කෙසෙල් සඳහා වන මිල ඉහළ නංවා ඇති අතර දුර්ලභ පියවරක් අනූගමනය කරමින් එරට රජය විසින් සිය විශාලතම අපනයන වෙළෙඳපොළ වන ජපානයේ සිල්ලර වෙළෙන්දන්ගෙන් සහ පාරිභෝගිකයින්ගෙන් හැකි උපරිමයෙන් එය දරාගන්නා ලෙස ඉල්ලා සිටි බව වාර්තා වේ .

 

"ජපානයේ පිලිපීන කෙසෙල් වල මිල දෙපාර්ශවයටම සාධාරණ විය යුතු නමුත් රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය හේතුවෙන් ඉහළ යන පිරිවැය මධ්‍යයේ කෙදිනකවත් ලාභ නොලැබූ පිලිපීන ගොවීන් තවදුරටත් වගාවන් පවත්වාගෙන යාමට නොහැකි වන දුෂ්කර තත්වයකට පත්ව තිබේ. මෙනිසා ජපාන ජනතාවට එකම මට්ටමේ සැපයුමක් ලබා දීමට සහ ගුණාත්මක භාවයක් අඛණ්‌ඩව භුක්ති විඳීමට අවශ්‍ය නම් නිෂ්පාදන හා සැපයුම් පිරිවැය වැඩිවීම පිළිබිඹු කිරීම අත්‍යාවශ්‍ය බව "Tokyo හි පිලිපීන තානාපති කාර්යාලයේ කෘෂිකාර්මික නියෝජිතායතනයේ නිලධාරියෙකු පසුගියදා කියා සිටියේය . 

 

උද්ධමනය ඉහළ යාම නිසා ඇතිවන පීඩනය , යෙන් හි අගය දුර්වල වීම සහ වැඩිවීමක් සිදු නොවූ වැටුප් විෂමතාවය හේතුවෙන් ආනයනික භාණ්ඩ මිල කෙරෙහි ඇති වන බලපෑම හේතුවෙන් මහජනතාව පිඩා විඳින මෙවැනි මොහාතක මෙම නොවැලැක්විය හැකි  පියවර ගැනීමට පිලිපීනයට සිදුව ඇති බව සදහන් වේ.

145 Views

Comments