එක්සත් ජනපදයෙන් යුක්රේන හමුදාවන්ට පිරිනැමෙන යුධමය ආධාර


එක්සත් ජනපදයෙන් යුක්රේන හමුදාවන්ට තව තවත් ආධාර ලැබේ

.

යුද්ධයේදී තම ප්‍රතිවාදියාට එරෙහිව එල්ල කරනු ලබන දිගු දුර මිසයිල ප්‍රහාර මත දැඩිව යැපෙන රුසියානු හමුදාවට ප්‍රතිචාර දැක්වීම වෙනුවෙන් ගොඩබිම සිට ගුවනට විහිදෙන නව මිසයිල පද්ධති සහ ප්‍රති කාලතුවක්කු රේඩාර් ඇතුළත් වන පරිදි ඩොලර් මිලියන 820 ක  යුධමය ආධාර තොගයක් යුක්‍රේන හමුදා වෙත ලබා  දීමට තමන් සූදානම් බව සිකුරාදා දින නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජනපදය ප්‍රකාශ කළේය.

 

රුසියානු හමුදා විසින් මෑත කාලීනව වරකට පැය ගණනක් අඛණ්ඩව යුක්‍රේනය හරහා මිසයිල දුසිම් ගණනක ප්‍රහාර එල්ල කර ඇති අතර මේ හේතුවෙන් උපකරණ වල සහ මිනිස් බලයේ පරතරය අඩු කිරීමට උපකාරී වන දියුණු පද්ධති සහ පතොරම් හැකි ඉක්මනින් ලබාදෙන ලෙස යුක්‍රේන නායකයින් බටහිර රටවල නායකයින්ගෙන් ප්‍රසිද්ධියේ ඉල්ලා තිබේ. 

 

" අපිට පුළුවන් උපරිමයෙන් අපි යුක්‍රේනියානුවන්ට උපකාර කරනවා. එමගින් ඔවුන්ට රුසියානු ආක්‍රමණයට දිගටම ප්‍රතිරෝධය දැක්විය හැකි වෙයි කියලා අපි හිතනවා. යුද්ධය අවසන් වන්නේ කෙසේදැයි මම නොදනිමි. නමුත් එය යුක්‍රේනයේදී යුක්‍රේන රුසියානු පරාජයකින් අවසන් නොවනු ඇත" යනුවෙන් මෙහිදී අදහස් දක්‌වමින් එක්සත් ජනපද ජනාධිපති Joe Biden කියා සිටියේය.

108 Views

Comments