මිනීමැරුමක් සහ සියදිවි නසාගැනීමක් බවට සැක පළ කෙරෙන ද්විත්ව මනුෂ්‍ය ඝාතනයක් ජුලි 1 වන සිකුරාදා දින Yokohama ප්‍රාන්ත නගරයේ Isogo Ward මහල් නිවාසයක සිදුව තිබූ අතර එදින සන්ධ්‍යාවේ ප.ව 6 ට පමණ මියගිය කාන්තාවගේ සහ පිරිමි පුද්ගලයාගේ මළ සිරුරු සොයා ගැනීමට පොලීසිය සමත් වී තිබේ.
එම මහල් නිවාසයේම ජීවත් වූ බවට විශ්වාස කෙරෙන 30 හැවිරිදි පිරිමි පුද්ගලයා ගෙල වැලලාගෙන මියගොස් සිටි බවත් මෙම පුද්ගලයා සමඟ සම්බන්ධකම් පැවැත්වූ 34 හැවිරිදි සමාගමේ සේවිකාවක වන Yui Matsuoka ගේ සිරුර එම කාමරයේම තිබියදී හමුවූ බවත් පොලිසිය සදහන් කළේය .
එමෙන්ම ඇගේ සිරුරේ තිබී බාහිර තුවාල කිසිවක් හමු නොවූ බැවින් , මරණයට නිශ්චිත හේතුව සොයා බැලීම සඳහා පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගෙන ඇති බව ද සඳහන් වේ.
දෙදෙනා අතර පවතින සම්බන්ධතාවය අවසන් කිරීමට අවශ්‍ය බව පවසමින් තම දියණිය එම පුද්ගලයා සිටින ස්ථානයට ගිය නමුත් බ්‍රහස්පතින්දා රාත්‍රි වනතුරුත් තම දියණිය ආපසු නිවසට නොපැමිණි බව පවසමින් Matsuoka ගේ දෙමාපියන් සිකුරාදා දින පොලීසිය අමතා ඇති අතර ඒ ඔස්සේ සිදුකළ පර්යේෂණ මගින් මළ සිරුරු සොයා ගැනීමට නිලධාරීන්ට හැකිවී තිබේ .