ජපාන නගරයේ දරුවන් විසින් සොයා ගත් නිල් ගෙම්බා


Gunma ප්‍රාන්තයේ දරුවන් විසින් දුර්ලභ ගණයේ ගෙඹි විශේෂයක් සොයා ගනි

.

නැගෙනහිර ජපානයේ Gunma ප්‍රාන්තයේ Minakamai නගරයේ කුඩා දරුවන් පිරිසක් විසින් ඉතා දුර්ලභ නිල් පැහැ ජපන් ගස් ගෙම්බෙකු සොයාගෙන ඇති අතර සත්ත්වයා "නිල් කුරුල්ලෙකු මෙන් තමන්ට වාසනාව ගෙන එනු ඇතැයි" යන බලාපොරොත්තුව සිතේ තබාගෙන දරුවන් සියලු දෙනා එකතු වී ගෙම්බා රැකබලා ගනිමින් සිටින බව වාර්තා වේ. 

 

දෙවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන 8 හැවිරිදි Mayu Yamaguchi , 7 හැවිරිදි Momoka Nakayama, 7 හැවිරිදි Honoka Abe සහ ඔවුන්ගේ මිතුරන් එක්ව ජූනි 27 වෙනි දින සවස 4:30 ට පමණ වෙනත් වසර වල මෙන් මේ වසරේදීත් තම නිවෙස් අසල පඳුරු වල සිටින ගෙම්බන් සොයමින් සිටියදී දිගින් සෙන්ටිමීටර 2.5 ක් පමණ වන අහස් නිල් පැහැයෙන් යුතු මෙම ගෙම්බා හමුවී තිබේ. 

 

" ජපන් ගස් ගෙම්බන් සාමාන්‍යයෙන් කහ - කොළ පැහැයකින් යුක්ත වෙනවා. නමුත් Minakami ප්‍රදේශයෙන් සොයාගත් අහස් නිල් පැහැයෙන් යුතු ගෙම්බාගේ සමේ කහ පැහැ වර්ණකය අතුරුදහන් වී තිබීම සත්ත්වයාගේ බාහිර වර්ණය වෙනස් වීමට හේතුවයි " යනුවෙන් Gunma ස්වභාවික ඉතිහාස කෞතුකාගාරයේ ප්‍රධාන භාරකරු ලෙස කටයුතු කරන Katsuyuki Takahashi මහතා පැහැදිලි කළේය.

260 Views

Comments