මැතිවරණයේදී ප්‍රධාන වශයෙන් අවධානයට ලක් වූ 'ආරක්ෂක පිරිවැය '


ජපන් ආරක්ෂාව මැතිවරණයේදී වැඩි අවධානයක් දිනා ගනී

.

රුසියාවේ යුක්‍රේන ආක්‍රමණය මගින් ජපානය තුළ ස්ථීර චීනයක් පිළිබඳ අනතුරු ඇඟවීමේ සීනු නාද වීමත් සමඟ "රටේ ආරක්ෂක පිරිවැය" ජූලි 10 වන දින පැවැත්වීමට නියමිත ඉහළ මන්ත්‍රී මණ්ඩල මැතිවරණයේ ප්‍රධාන කරුණක් බවට පත්ව තිබේ. 

 

"රටේ ආරක්ෂක පිරිවැය සදහා නිශ්චිත සංඛ්‍යාත්මක ඉලක්කයක් තැබීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇති කර ගැනීම වෙනුවට එල්ල විය හැකි තර්ජනවලට ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය ආරක්ෂක හැකියාවන් ශක්තිමත් කිරීම පිළිබඳව රජය මේ මොහොතේදී ගැඹුරින් සාකච්ඡා කළ යුතු බවට " ජපානයේ ආරක්ෂක විශේෂඥයින් අනතුරු ඇඟවීම් නිකුත් කලහ. 

 

"උද්ගතව පවතින යුධමය තත්ත්වය හමුවේ ජපානයේ ජනතාව චීනයෙන් සහ උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන වඩාත් යථාර්ථවාදීව වටහා ගැනීමට පෙළැඹී ඇත. යුරෝපයේ යුද්ධය හේතුවෙන් තායිවානය සමඟ යලි ඒකාබද්ධ වීමට ප්‍රබල ප්‍රවේශයක් ගැනීමට Beijing ද, සිය දේශපාලන හා ආර්ථික ඉල්ලීම් ඉටු කර ගැනීම සඳහා යුධමය ප්‍රකෝප කිරීම් වේගවත් කිරීම සඳහා Pyongyang ද පෙලඹිය හැකි බවට ලොකයේ මෙන්ම ජපාන ජනතාව තුළ ද භීතිය වර්ධනය වී ඇත " යනුවෙන් Hitotsubashi විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර හා රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ පාසලේ පීඨාධිපති Nobumasa Akiyama ප්‍රකාශ කළේය.

122 Views

Comments