ප්‍රවර්ධනය කරනු ලැබූ Yuigahama වෙරළ තීරය


ජපාන වෙරළ සංරක්ෂණ ක්‍රියාමාර්ග වලදී yuigahama වෙරළ තීරයට විශේෂ තැනක් හිමි වෙයි

.

නැඟෙනහිර ජපානයේ Kanagawa ප්‍රාන්තයේ Kamakura නාගරික වෙරළ තීරය තුළ ඇතිවන කැඩුණු මුහුදු රැළි පිළිබඳව අනතුරු ඇඟවීමට සහ වේගවත් රළ පහරින් සිදුවන අනතුරු වළක්වා ගැනීම සඳහා ජපානයේ ජීවිතාරක්ෂක සංගමය සහ Chuo විශ්වවිද්‍යාලය එක්ව කෘත්‍රිම බුද්ධි (AI) පද්ධතියක් හඳුන්වා දී ඇති බව වාර්තා වේ. 

 

භයානක කැඩීගිය රළ පහර හඳුනාගෙන වෙරළේ සිටින්නන්ට සහ ජීවිතාරක්ෂකයින්ට අනතුරු ඇඟවීම AI පද්ධතියේ කාර්යභාරය බවට පත්ව ඇති අතර එය ප්‍රධාන වශයෙන් Kamakura හි Yuigahama වෙරළ තීරයේ ක්‍රියාවට නැංවේ. 

 

එමෙන්ම Yuigahama හි ව්‍යාපාරික සංගමය විසින් ප්‍රදේශයේ පැල්පත් වාසී ජනතාවට ජපානයේ ප්‍රථම වරට ජෛව හායනයට ලක්විය හැකි ගෑරුප්පු සහ හැඳි හඳුන්වා දෙමින් සිටින අතර ආබාධ සහිත පුද්ගලයින් හට බාධාවකින් තොරව වෙරළට ඇතුළුවිය හැකි වන පරිදි රෝද පුටු සඳහා බෑවුමක් සවි කිරීමට පියවර ගෙන තිබේ. 

 

අනුගමනය කරන ලද නව ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් Yuigahama Beach ව්‍යාපාරික සංගමයේ ප්‍රධානී Motohide Masuda පැවසුවේ "අපි බාධක වලින් තොර, ආරක්ෂිත සහ පරිසර හිතකාමී ප්‍රගතිශීලී ප්‍රවේශයක් ගනිමින් සිටිමු. මිනිසුන් නවීන Yuigahama භුක්ති විඳිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු" යනුවෙනි.

Comments