විදේශ භාණ්ඩ ලංකාවට වීමේදී වගකිව යුතු ආයතන හා පමණක් සම්බන්ධ වන ලෙස රේගුව ඉල්ලයි


ශ්‍රී ලංකා රේගු අධිකාරිය විදේශයන්හි සිට මෙරටට භාණ්ඩ එවන ශ්‍රී ලාංකිකයන්ට පණිවිඩයක් ලබා දෙයි

.

විදේශයන්හි සිට  මෙරටට බඩු භාණ්ඩ එවීමේදී ශ්‍රී ලංකා රේගුව හා හා ලියාපදිංචි වූ ආයතන හරහා පමණක්  භාණ්ඩ එවන ලෙස ශ්‍රී ලංකා රේගුව විදේශයන්හි සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් ගෙන් ඉල්ලා සිටියි. 

 

මෙයට හේතුව ලෙස ඔවුන් සඳහන් කර ඇත්තේ මෑතක සිට වාර්තාවන එලෙස බඩු එවීමේදී සිදුවෙන  හානි සහ අස්ථාන ගතවීම් සැලකිය යුතු ලෙස වර්ධනය වී තිබීමයි.

මෙවන් සිදුවීම් බහුතරයක් වාර්තා වී ඇත්තේ රේගුව හා ලියාපදිංචි නොවූ ආයතන සම්බන්ධව බැවින් විදේශගත ශ්‍රමිකයන්ට ඔවුන් මෙරටට එවන භාණ්ඩ වගකීමක් සහිත රේගුව හා ලියාපදිංචි ආයතන හරහා පමණක් එවන ලෙස රේගු අධිකාරිය නිවේදනය  කර තිබේ 

125 Views

Comments