සාමය ප්‍රාර්ථනා කරමින් Osaka ගිම්හාන උත්සවයට එක්වූ යුක්රේනියානු වැසියෝ


යුක්‍රේන් වැසියන්ද osaka ගිම්හාන උත්සවයට සහභාගි වෙයි

.

පසුගිය ජුනි මස 30 වන දින සිට ජූලි 1 වන දින දක්වා පවත්වනු ලැබූ Osaka සම්ප්‍රදායික Aizen ගිම්හාන උත්සවයේ රථ පෙළපාලිය සදහා යුක්‍රේනයෙන් ඉවත්ව මේ වනවිට ජපානයේ රැදී සිටින කාන්තාවන් තිදෙනෙකු සහභාගී වූ අතර ඔවුන් තිදෙනාම ජපානයේ සාම්ප්‍රදායික yukata ගිම්හාන ඇඳුමෙන් සැරසී සිටින අයුරු මෙහිදී නරඹන්නන් හට විශේෂයෙන්ම දැකගත හැකි විය . 

 

ව්‍යාපාර සහ විවාහ සාර්ථකත්වය ප්‍රාර්ථනා කිරීම වෙනුවෙන් නගරයේ Tennoji Ward හි Aizen-do විහාරස්ථානයේ ප්‍රධාන දෙවියා වන රාගරාජාගේ යැයි සැලකෙන දේව ප්‍රතිමාවක් ගිම්හාන උත්සවය අතරතුරදී  මහජනතාවට ප්‍රදර්ශනය කළ අතර COVID-19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් වසර දෙකකට පසු ප්‍රථම වරට පෙරහැරේ මැදිරි වීදිවල ​​ගමන් කරවීම සිදු කෙරිණි . 

 

පෙර වසර වලදී මෙන් Osaka ප්‍රාන්තයේ හා ඉන් පිටත කාන්තාවන් හය දෙනෙකු උත්සවය සදහා සහභාගී වී සිටි අතර ජපන් සංස්කෘතිය අත්විඳීමට මෙන්ම යුක්‍රේනියානු වැසියන්ගේ සාමය ප්‍රාර්ථනා කිරීම වෙනුවෙන් උත්සවයට සම්බන්ධ වන ලෙස පන්සල විසින් සිදුකළ ආරාධනයකට අනුව නගරයේ Abeno Ward හි පිහිටි Seifu තොරතුරු තාක්ෂණ ආයතනයේ වෘත්තීය පාසලේ ඉගෙනුම ලබන යුක්‍රේන ජාතිකයින් තිදෙනෙකු මෙවර පෙරහැර සදහා සහභාගී වීම සිදුවිය.

159 Views

Comments