ජුලි 4 වන ඉරිදා දින රෝමයේ පැවැති "World Street Skateboarding" තරගාවලියේ සුදුසුකම් ලැබිමේ වටයේ කාන්තා ඉසව්වේදී සමස්ත වේදිකාවේම ජපාන අණසක පැතිරවීම වෙනුවෙන් Funa Nakayama සිය නායකත්වය ලබා දුන් අතර, Momoji Nishiya සහ Yumeka Oda අනෙක් ස්ථාන දෙක සම්පූර්ණ කිරීම සිදු කළහ.
පසුගිය Tokyo ඔලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කම් ජයග්‍රාහකයෙකු වූ 17 හැවිරිදි Nakayama ලකුණු 264.13 ක් ලබා ගනිමින් ප්‍රථම ස්ථානයට පත්වූ පළමු ප්‍රධාන ජාත්‍යන්තර ජයග්‍රහණය මෙය වන අතර Tokyo ඔලිම්පික් උළෙලේ රන් පදක්කම්ලාභී Nishiya මෙවර ඒකාබද්ධ ලකුණු 255.64 ක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත් වුවාය. ලකුණු 254.91 ක් ලබා ගත් Yumeka ද Nishiya අනුගමනය කරමින් එම ස්ථානයටම පත්විය.
"මගේ පළමු උපක්‍රම දෙකේදීම මගේ අතින් වැරදි වෙනකොට මම ඇත්තටම කලබල වුණා. නමුත් මම ජයග්‍රහණය වෙනුවෙන් විශාල උපක්‍රමයක් දැරුවා. එය මට කෙදිනකවත් අමතක නොවන දෙයක්. පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පෙර මට තවත් උපක්‍රම ඉගෙන ගැනීමට අවශ්‍යයි" යනුවෙන් සිය ශූරතාවය සම්බන්ධයෙන් අදහස් දක්වමින් Nakayama පැවසීය.
එසේම ජපානය වෙනුවෙන් ක්‍රීඩා කර පසුගිය වසරේ ජාතික ශූරිය බවට පත්වූ Rizu Akam හට ලකුණු 0.29කින් වේදිකාව අහිමි වූ අතර 12 හැවිරිදි Coco Yoshizawa තරගාවලියේ හයවැනි ස්ථානයට පත්වීමට සමත් වුවාය .