ජූලි 3 වන දින Osaka ප්රාන්තයේ Neyagawa හි නිවසක තිබී පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු වල අස්ථි කොටස් හමුවී ඇති අතර ඒවා නිවසේ වාසය කළ 86 හැවිරිදි කාන්තාවගේ සහ 91 හැවිරිදි ඇයගේ සැමියාගේ බවට සැක කෙරෙන බව ප්රාදේශීය පොලිස් ස්ථානය නිවේදනය කළේය.
මෙලෙස අභිරහස් අයුරින් මිය ගොස් සිටි අඹුසැමි යුවළගේ පුත්රයා එදින පස්වරු 4.30 ට පමණ නිවසට පැමිණි අවස්ථාවේදී ඇටසැකිලි කොටස් දැක ඇති අතර වහාම ඒ සම්බන්ධයෙන් පොලිස් ස්ථානය දැනුවත් කර තිබේ. මියගිය දෙදෙනාගෙන් එක් අයෙකු දොරටුව අසල කඩා වැටී සිටි බවත් අනෙක් පුද්ගලයා දෙවන මහලේ කාමරයක නිදන ඇතිරිල්ලක් මගින් ආවරණය කර තිබූ බවත් පොලීසිය සඳහන් කළේය.
ඉදිරිපස දොර අගුළු දමා තිබූ අතර නිවසින් කිසිදු භාණ්ඩයක් සොරකම් කළ බවට කිසිදු සලකුණක් නොතිබූ බැවින් ඔවුන් දෙදෙනා මියයාමට හේතුව සහ මියගිය අයුරු සෙවීම සදහා මේ වනවිටත් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව වාර්තා වේ.
"මගේ දෙමව්පියන් බදු ගෙවීමේදී පසුබෑමකට ලක්ව ඇති බව නගර ශාලාවෙන් මට දැනුම් දුන් නිසා මම නිවසට ගියෙමි. මම පසුගිය වසර කිහිපය තුළ ඔවුන් සමඟ කිසිඳු සම්බන්ධයක් පැවැත්වූයේ නැත" යනුවෙන් ඔවුන්ගේ පුත්රයා විසින් පොලිසියට ප්රකාශයක් ලබා දී තිබේ .