දුම්රිය තුළ දුම් නොබොන ලෙස 28 හැවිරිදි පුද්ගලයකුට පැවසූ දාහත් හැවිරිදි පිරිමි දරුවෙකුට පහර දුන් එම පුද්ගලයා Utsunomiya, Tochigi ප්‍රාන්ත පොලිසිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ සිදුවීම සිදුවී ඇත්තේ Suzumenomiya සහ Jichi Medical University දුම්රිය ස්ථාන අතර ධාවනය වන දුම්රියක් තුළදීය. පොලිසිය පවසන පරිදි Kazuma Miyamoto නම් භෝජනාගාරයක සේවය කරන මම පුද්ගලයා එම දුම්රිය තුළ සිගරට්ටුවක් දල්වනු දැක එසේ නොකරන්න යැයි ඔහුට ප්‍රකාශ කළ අවස්ථාවේ එම පුද්ගලයා විසින් මෙම උසස් අධ්‍යාපනය ලබන සිසුවාට පහර දී තිබේ.පහර දීමෙන් ඔහු දැඩි ලෙස තුවාල වි ඇති අතර ඔහුගේ කම්මුලේ සීරීම් තුවාලද සිදුවී ඇත.
පහර දීමෙන් පසු අදාළ පුද්ගලයා පැන ගොස් ඇති මුත් එදිනම මධ්‍යම රාත්‍රිය වන විට ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි ව තිබේ.