ධීවර යාත්‍රාවක තල්මසෙකු ගැටීමෙන් හයදෙනෙකුට තුවාල


ඊයේ(07) උදෑසන 6:30 ට පමණ මෙය සිදුව ඇත.

.

තෝකියෝවට ආසන්න මියුරා නගරයට ඔබ්බෙන් වූ ධීවර යාත්‍රාවක තල්මසෙකු ගැටීමෙන් පුද්ගලයන් හය දෙනෙකු තුවාල ලබා තිබේ.

වෙරළාරක්ෂක දෙපාර්තමේන්තු නිලධාරීන් පවසන්නේ ඊයේ(07) උදෑසන 6:30 ට පමණ යාත්‍රාවේ කපිතාන්වරයා ඔවුන්ට දැනුම් දුන්නේ වෙරළට කිලෝමීටර් 13 ක් ඔබ්බෙන් වූ තල්මසෙකු යාත්‍රාවේ ගැටුණු බවයි.

කෙසේවෙතත් පසුව යාත්‍රාව විශාල හානියකින් තොරව නැවත වරායකට පැමිණියේය.

ධීවරයින් 15 දෙනෙකු සහ කපිතාන්වරයා රැගත් යාත්‍රාව උදෑසන 6 ට පමණ මියුරා නගරයේ මගුචි වරායෙන් දැල්ලන් ඇල්ලීම සඳහා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

121 Views

Comments