බටහිර Tokyo නගරයේ Musashino හි Kichijoji දිස්ත්‍රික්කයේ බහු කුලී ගොඩනැගිල්ලක පිහිටා ඇති Babusya REY අවන්හලට ගොඩ වැදෙන ඔබට අවන්හලෙන් පිරිනැමෙන borscht සහ varenyky වැනි ජනප්‍රිය යුක්රේන ආහාර ඇතුළත් වන පරිදි තමන් වෙනුවෙන් පිසින ලද රසවත් භෝජන සංග්‍රහය හිමිවන තුරු නොඉවසිල්ලෙන් බලා සිටින පාරිභෝගිකයන් රාශියක් දැකගත හැකිවේ.
රුසියානු ආක්‍රමණයෙන් පසු තම රටින් පලා ගිය යුක්රේනියානු පවුලක් විසින් මෙම අවන්හල ආරම්භ කර ඇති අතර JR Kichchioji දුම්රිය ස්ථානයේ සිට මිනිත්තු පහක පමණ දුරක් පයින් ගමන් කර ඔබට අවන්හල වෙත ළගා විය හැකිය. එහි අව්‍යාජ කෑම පිළිබඳව සමාජ මාධ්‍යවල ප්‍රසිද්ධ වීමෙන් පසුව එය වර්තමානයේදී අතිශයින් කාර්යබහුල අවන්හලක් බවට පත් වී තිබේ.
වසර හතකට පෙර භාෂා සිසුවියක් ලෙස ජපානයට පැමිණ ජපන් ජාතිකයකු සමඟ විවාහ වූ 29 හැවිරිදි Victoria Bogdanova සහ යුක්රේනයෙන් ඉවත්ව පැමිණි ඇගේ වැඩිමහල් සොහොයුරිය වන 35 හැවිරිදි Eugenia, ඇගේ සැමියා, ඇගේ පුතා සහ ඇගේ දෙමාපියන් විසින් මෙම අවන්හල පවත්වාගෙන යනු ලබයි.
යුක්රේනයේ රුසියානු ආක්‍රමණය හමුවේ ජපානයට පැමිණිම සදහා සඳහා ගුවන් ටිකට්පත් මිලදී ගැනීම වෙනුවෙන් තම පවුලේ සියලු දෙනා ඉතිරිකර තිබූ මුදල් සියල්ල යෙදවීමට සිදුවූ බැවින් කිසියම් ආදායමක් උපයා ගැනීම සදහා Victoria ගේ සැමියා වූ 30 හැවිරිදි Yukinori Ogasawara විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව අවන්හල ආරම්භ කර ඇති බව පැවැසේ.