Tokyo ප්‍රාන්තයේ Mitaka ප්‍රදේශයේ පිහිටි තම දෙමහල් නිවසේ විසිත්ත කාමරය තුළදී ඉරිදා අලුයම Shina නම් 82 හැවිරිදි මවගේ මුහුණට මාරාන්තික ලෙස පහරදීම සම්බන්ධයෙන් සැකපිට නාඳුනන රැකියාවක යෙදී සිටි Yoshihiro Takahashi නම් 50 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
Takahashi එදින උදෑසන 8.30 ට පමණ 110 අමතා
ඔහුගේ මවට සිහිය නැති වී ඇති බව පැවැසූ බවත් පහර කෑමෙන් තුවාල ලැබූ මව රෝහල් ගත කිරීමෙන් මිය ගිය බවත් පොලිසිය සඳහන් කළේය.
අත්අඩංගුවට පත් වූ Takahashi තම මවට පහර දීමට කිසිදු හේතුවක් මෙතෙක් ඉදිරිපත් කර නොමැති නමුත් සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු නිලධාරීන් විසින් අඛණ්‌ඩව සිදු කරගෙන යන බව වාර්තා වේ.