කාන්තා මළ සිරුර  අතහැර දමා ගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනේ


තම බිරිඳගේ මළ සිරුර අතහැර දමා ගිය පුද්ගලයා අත්අඩංගුවට ගනියි

.

පසුගිය වසරේ මාර්තු මාසයේදී තම බිරිඳ වූ 66 හැවිරිදි Hideko Horiyama ගේ මළ සිරුර සිය නිවස තුළ දමා ගිය බවට සැකපිට Akira Moritomi නම් 54 හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව Yamaguchi ප්‍රාන්තයේ Yamaguchi නාගරික පොලිසිය නිවේදනය කළේය. 

 

සැකකාර Moritomi විසින් ජූලි 2 වන සෙනසුරාදා දින 110 අමතා තමාගේ සහකරු පසුගිය වසරේ මියගිය බවත් ඇගේ සිරුර තවමත් ඇය භාවිතා කළ කාමරයේ ඇති බවත් පාපොච්චාරණය කිරීමෙන් පසුව මෙම සිද්ධියේ සුල මුල අනාවරණය වී ඇත. 

 

පසුව එම ස්ථානයට ළගා වූ නිලධාරීන් විසින් බටහිර පන්නයේ නිවස තුළ තිබී ඇටසැකිල්ලක් බවට පත් වූ අදාළ කාන්තාවගේ මළ සිරුර සොයා ගෙන තිබේ.

100 Views

Comments