Kindai විශ්ව විද්‍යාලයේ පීඨාධිපති ලෙස තේරී පත්වූ PlayStation හි පුරෝගාමියා


Kindai විශ්ව විද්‍යාලයේ පීඨාධිපති ලෙස Ken Kutaragi තේරී පත්වේ

.

වීඩියෝ ක්‍රීඩා ප්‍රජාව විසින් ප්‍රශංසාවට ලක් කරන ලද "PlayStation හි පියා" ලෙස සැලකෙන Ken Kutaragi, බටහිර ජපානයේ Kindai විශ්ව විද්‍යාලයේ පරිපාලන මණ්ඩලය විසින් එහි අලුතින් ආරම්භ කරන ලද තොරතුරු විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා ලෙස පත් කිරීම නිසා ඔහුගේ කීර්තිමත් වෘත්තියට තවත් සම්මානයක් එක් වී තිබේ .

 

"මම විශ්වවිද්‍යලයේ වයස්ගතම පුද්ගලයා විය හැකිය. නමුත් මගේ හදවත සැමවිටම පිරිමි ළමයෙකුගේ වනු ඇත. අනාගතය හැඩගස්වා ගැනීම සඳහා නිර්මාණශීලීව සිතීමට සිසුන් පෙලඹවීමට මට අවශ්‍යය " යනුවෙන් නව ධුරයට පත් විමෙන් පසුව 71 හැවිරිදි Kutaragi පැවසීය.  

 

Tokyo නගරයේ Fukagawa දිස්ත්‍රික්කයේ උපත ලද Kutaragi කුඩා කල සිටම යන්ත්‍ර ක්‍රියා කරන ආකාරය සොයා බැලීමට ප්‍රිය කරන්නෙකු සහ නොඅඩු කුතුහලයකින් යුක්ත වූවෙකු වූ අතර Electro - Communications විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගැනීමෙන් පසුව 1975 දී Sony Corp. හා සම්බන්ධ වී ඉලෙක්ට්‍රොනික දැවැන්තයාගේ උප සභාපති ලෙස සේවය කර ඇත. 

 

ඔහු විසින් 1994 දී පළමු Sony PlayStation නිකුත් කළ පසුව ලොව පුරා එහි ඒකක මිලියන 500 කට වඩා වැඩි ප්‍රමාණයක් අලෙවි වී ඇති අතර “යථාර්ථය මගේ මිත්‍යාව සහ විනෝදාංශයක් යැයි සිනාසුණු ලෝකයකට හසු විය” යනුවෙන්  Kutaragi ක්‍රීඩාශීලීව පැවැසූ බව සඳහන් වේ.

Comments