KDDI තම පාරිභෝගිකයින්ට වන්දි


KDDI තම පාරිභෝගිකයින්ට වන්දි ලබා දීමට සැරසෙයි

.

පසුගියදා ජපානයේ ප්‍රධාන දුරකතන ජාලයක් වන KDDI ජාලය  හදිසියේ බිඳවැටීම හේතුවෙන් ජපානය පුරා එම ජාලය භාවිතා කරන පුද්ගලික සහ ව්‍යාපාරික පාරිභෝගිකයන්  මහත් අපහසුතාවයට පත්විණි. මෙම හේතුවෙන් එම පාරිභෝගිකයන් හට සිදු වූ හානිපූර්ණයක් ලෙස යම් වන්දියක් ලබා දීමට සලකා බලන බව  එම සමාගම නිවේදනය කර තිබේ.

 

එම සමාගමේ නිලධාරීන් අඟහරුවාදා දින පැවති මාධ්‍ය සාකච්ඡාවක දී පැවසූ පරිදි ජාලය බිඳ වැටුණු දින පස්වරු 1 වන විට  ජපානය පුරා පාරිභෝගිකයන්ගෙන් පැමිණිලි 96,700 ක් පමණ ඔවුන්ට ලැබී ඇත.

 

පසුගිය සෙනසුරාදා පෙරවරු එක වෙන විට බිඳ වැටුණු මෙම ජාලය නැවත සම්පූර්ණ වශයෙන් යථා තත්ත්වයට පත් කර ගැනීමට අඟහරුවාදා  පස්වරු  3.36 පමණ වූ බවත් මෙලෙස පැය 86 ක් පමණ පුරාවට සිදු වූ අවහිරතාවය හේතුවෙන්  ඔවුන්ගේ පාරිභෝගිකයන් මිලියන තිස් හයක් පමණ අපහසුතාවයට පත්වූ බවද ඔවුන් තවදුරටත් සඳහන් කර තිබේ.

94 Views

Comments