පසුගිය සමයේ තම කාර්යාල හෝ වැඩ බිමේ දී covid ආසාදනයට ලක්වූ සියලූම පුද්ගලයන්ට ජපාන රජය විසින් ලබාදීමට සැලසුම් කර ඇති වන්දි සදහා සඳහා ඉල්ලුම් කරන ලෙස ජපාන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.
විශේෂයෙන්ම covid ආසාදනය හේතුවෙන් මධ්‍යම සහ දිගුකාලීන බලපෑම් වලට ලක් වූ පුද්ගලයන්ට මෙහිදී ප්‍රමුඛතාව ලබා දෙන අතර covid ආසාදනය හේතුවෙන් ඔවුන්ට අහිමි වී ගිය වැටුප් සහ වෛද්‍ය පහසුකම් ලබා ලබාගැනීමේදී වැය වූ මුදල් නැවත අත්පත් කරගැනීමට මෙම වන්දි ලබාදෙන බව ප්‍රකාශ කර තිබේ.
ඒ අනුව මේ වන විටත් එසේ ඉල්ලුම් කළ විසිදාහක ප්‍රමාණයකට වඩා වැඩි පුද්ගලයන් පිරිසකගේ ඉල්ලුම් පත්‍ර ජපාන රජය විසින් භාර ගෙන ඇති බව ආරංචි මාර්ග පවසයි .