Amori ප්‍රාන්තයේ කුකුළු ගොවිපලකින් කුරුළු ඉන්ෆ්ලුවන්සා වෛරසය හමුවේ


ඒ හේතුවෙන් කුකුළන් මිලියන 1.37ක් මරා දැමීමට නියමිතයි

.

Aomori ප්‍රාන්තයේ Misawa City හි කුකුළු ගොවිපළක මියගිය කුකුළෙකුගේ ශරීරයෙන් කුරුළු ඉන්ෆ්ලුවෙන්සා වෛරසය සොයාගෙන ඇති බව Aomori ප්‍රාන්තය අද(15) දින නිවේදනය කළේය.  

ඒ හේතුවෙන් මෙම කුකුළු ගොවිපළේ කුකුළන් මිලියන 1.37ක් පමණ මරා දැමීම ආරම්භ විය.  

කෘෂිකර්ම, වන හා ධීවර අමාත්‍යාංශයට අනුව ජපානයේ එකවර ඝාතනය කළ විශාලතම සතුන් සංඛ්‍යාව මෙයයි.

මීට පෙර මෙලෙස වාර්තාගත ලෙස කුකුළන් මරා දැමුවේ 2020 දෙසැම්බරයේදී චිබා ප්‍රාන්තයේ ඉසුමි හි කුකුළු ගොවිපලක වන අතර එහිදී මරා දැමූ කුකුළන් සංඛ්‍යාව මිලියන 1.16 ක් පමණ විය.

120 Views

Comments