Tokyu Den-en-toshi මාර්ගයේ Sangenjaya සහ Ikejiri-Ohashi දුම්රිය ස්ථාන අතර ධාවනය වෙමින් පැවැති දුම්රියකදී සඳුදා දින පස්වරු 3.20 ට පමණ පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇති වූ බහින්බස්වීමක් වීමක් හේතුවෙන් දුම්රිය මැදිරි දෙකක සම්බන්ධක දොරේ වීදුරුව කඩා දේපල හානි සිදු කළ බවට සැකපිට 50 හැවිරිදි පුද්ගලයෙකු දුම්රිය ගමනාන්තයේදී Tokyo පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසියට සහ මගීන්ට අනුව ඔවුන් දෙදෙනා මුලින්ම මහ හඬින් බහින් බස් වී ඇති අතර පසුව එකිනෙකා සමඟ පොරබැදී තිබේ. මෙහිදී සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් Tokyu Corp. හි දුම්රිය ක්රියාකරු සදහන් කළේ ගැටුම අතරතුර හයවන සහ හත්වන මැදිරි අතර තිබූ සම්බන්ධක දොරේ වීදුරුව කැඩී ඇති බවයි.
දුම්රියේ ගමන් කරමින් සිටි මගියෙකු හදිසි බොත්තම ඔබා දුම්රිය නිලධාරීන් දැනුවත් කර ඇති අතර කිසිඳු පුද්ගලයකුට තුවාල සිදුවූ බවට වාර්තා වී නොමැත.