දියණියන් තිදෙනෙකු ඝාතනය කළ කාන්තාවකට අධිචෝදනා එල්ල වේ


තම දියණියන් තිදෙනා ඝාතනය කළ කාන්තාව අධි චෝදනාවලට ලක්වෙයි

.

පසුගිය පෙබරවාරි මාසයේදී 5 හැවිරිදි Himari, 3 හැවිරිදි Nanoka සහ මාස නවයේ පසුවූ Sakura නමැති සිය දියණියන් තිදෙනා ඝාතනය කිරීම සම්බන්ධයෙන් Himeka Toya නම් 27 හැවිරිදි කාන්තාවකට Nagoya අධිකරණය විසින් ජුලි 5 වන අඟහරුවාදා දින   අධිචෝදනා ගොනු කර ඇති බව වාර්තා වේ .

 

අධිකරණය වාර්තා වලට අනුව අදාළ කාන්තාවට මාස තුනක කාලයක් පුරාවට සිදුකරන ලද  මනෝචිකිත්සක පරීක්ෂණවලින් පසු ඇයගේ ක්‍රියාවන්ට ඇය මානසිකව වගකිව යුතු බවට සොයාගැනීමත් සමග ඇයට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබේ. 34 හැවිරිදි ඇගේ සැමියා ඔවුන්ගේ නිවසට පැමිණි පසු දියණියන් තිදෙනා මියගොස් සිටි බව දැක ඇති අතර ඔහු විසින් පොලිසිය දැනුවත් කිරීමෙන් අනතුරුව පෙබරවාරි 11 වන දින ඇයව අත්අඩංගුවට ගෙන ඇත.

 

ඔවුන් තිදෙනාගේම සිරුරු නිවසේ දෙවන මහලේ විසිත්ත කාමරයේ තිබී සොයා ගත් බවත් විදුලි උපකරණ රැහැනකින් ගෙල සිරකර තිදෙනාම  ඝාතනය කර තිබූ බවත් සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්‌වමින් පොලීසිය සඳහන් කළේය. 

 

149 Views

Comments