නැන්දම්මා ඝාතනය කිරීමට තැත්කළ බෑණා


Shinagawa හි පදිංචිව සිටි කාන්තාවක් මරා දැමීමට ඇයගේ බෑනා තැත් කරයි

.

Tokyo Shinagawa Ward හි පිහිටි ඔවුන්ගේ නිවසේ ජීවත් වූ Mieko Kato නම් සිය 75 හැවිරිදි නැන්දම්මා මරා දැමීමට තැත් කළ බවට සැකපිට 46 හැවිරිදි Toshio Yozaki නම් පුද්ගලයෙකු ටෝකියෝ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

 

අඟහරුවාදා පස්වරු 1.25ට පමණ ඇයව පහළට තල්ලු කර පිහියෙන් ඇන ඇති බවට පවසමින් කාන්තාවකගෙන් පොලීසියට ලද ඇමතුමක් අනුව පොලිසිය එම ස්ථානයට පැමිණ ඇති අතර සිහිසුන්ව සිටි කාන්තාව ඒ මොහොතේදීම රෝහල් ගත කර ඇත. 

 

සමාගමේ සේවකයෙකු වන වින්දිතයාගේ බෑනා  චෝදනාව පිළිගෙන ඇති අතර “අපි ආරවුලකට පැටලුණා, කලකිරීමෙන් පසුව මම ඇයට පිහියෙන් ඇන්නා” යනුවෙන් පැවැසූ බවත් රෝහල් ගතකර සිටින අදාළ කාන්තාව තවමත් අසාධ්‍ය තත්ත්වයේ පසුවන බවත් පොලිසිය මේ පිළිබඳව අදහස් දක්‌වමින් සඳහන් කළේය .

Comments