ඊසානදිග ජපානයේ Sendai නගරයේ කණිෂ්ඨ උසස් පාසලක ගැහැණු දරුවන් දෙදෙනකුට විදියක දී පිහි ඇනුම් සිදු කළ පුද්ගලයෙකු එම ප්‍රාන්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඉන් එක් දැරිවියක් දරුණු තුවාල ලබා අසීරු තත්ත්වයක සිටි නමුත් ඇයට ජීවිත තර්ජනයක් නොමැති බව මේ වන විට වාර්තා වී ඇත.
පොලිසිය පවසන පරිදි එදින එරට වේලාවෙන් පස්වරු අටට පමණ මෙම සිදුවීම ගැන පොලීසියට වාර්තාවී ඇති අතර මෙම ප්‍රදේශය ආශ්‍රිතව ජීවත්වන 43 හැවිරිදි පුද්ගලයකු එම සිද්ධිය සම්බන්ධයෙන් පසුව අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් දෙදෙනා මරණයට පත් කිරීමට තැත් කිරීමෙන් පසු සැකකරු ඔහුගේ නිවසට දිව ගොස් ඇති අතර එහි සිටියදී ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම දැරිවියන් මරා දැමීමට මෙම සැකකරු පෙළඹ වූ කාරණය පිළිබඳව තවමත් ප්‍රශ්න කරමින් සිටින බව පොලිස් ආරංචි මාර්ග පවසයි.